පන්සල් තුළ ස්ථාවර දුරකථන භාවිතයත්, සමහර භික්ෂූන් වහන්සේලා විසින් ජංගම දුරකථන භාවිතා කරනු ලැබීමත්, සමහර භික්ෂූන් වහන්සේලා විසින් ස්මාට් ජංගම දුරකථන භාවිතා කරනු ලැබීමත් වර්තමානයේ සුලභව දකින්න පුළුවන්.
භික්ෂූන් වහන්සේලා දුරකථන භාවිතා කිරීම පිළිබඳ පෞද්ගලිකව මගේ යම් නොසතුටක්, අකමැත්තක් පවතිනවා. එසේ උවත් එය බුද්ධ භාෂිතයට අනුව විසදා දැනීම සුදුසුයි.
භික්ෂූන් වහන්සේලා දුරකථන භාවිතා කිරීම බුදුරජානන් වහන්සේ පනවා ඇති විනයට අනුකූල ද නැත්නම් අනනුකූල ද? අනුකූල නම් අනුකූල වන්නේ කෙසේ ද? අනනුකූල නම් අනනුකූල වන්නේ කෙසේ ද?