Dear Kamal and Others,
I found several discussions on the idea of “මුල් බුදුසමය”[1] or “Early Buddushm” [2] in the academic (research) world.
I would appreciate it very much if you can provide your opinions on “මුල් බුදුසමය.”
With Mettha,
Indika
[1] https://www.youtube.com/watch?v=-oUAa9Kyexw (and several other videos)
[2] https://ocbs.org/the-authenticity-of-th ... t-texts-2/
මුල් බුදුසමය
Re: මුල් බුදුසමය
මුල් බුදුසමය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ, නිකාය වශයෙන් බෙදී යාමට පළමුකොට තිබූ බුදුදහම කුමක්ද යන ප්රශ්නය වර්තමාන බහුවිධ මූලාශ්‍ර ඇසුරින් අනුමාන කිරීමට දරණ ප්රයත්නයක්. මෙය මූලික වශයෙන් ශාස්ත්රාලයීය වැඩපිළිවෙලක් ලෙස දැකිය හැකි වුවත්, කිසියම් බෞද්ධ සම්ප්රදායකට සම්බන්ධයක් නැති හෝ අන්‍යාගමික සම්ප්රදායන්ගෙන් බුදුසමය වෙත පැමිණෙන ගිහි පැවිදි අය අතරත් ප්‍රචලිත ක්‍රමවේදයක්. ඊට සාපේක්ෂව ලංකාව වැනි රටවල මේගැන උනන්දුවන්නන් දුර්ලභයි.මුල් බුදුසමය
මෑත කාලීනව ලංකාවේ වැඩසිටි හිමිවරුන්ගෙන් ඥානවීර හිමියන් විසින් ලියන ලද විවරණ සහ කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ බුදුසමය පිළිබඳ විවරණ ආදිය මුල්බුදුසමය වෙත හැරී බැලීමට දරණ ලද ප්රයත්නයන් ලෙස සැලකිය හැකියි. එතරම් ප්‍රසිද්ධ නැතත් බටහිර ලෝකයෙන් බුදුදහම සොයා පැමිණි බොහෝ පිරිසක් මේ මාර්ගය අනුගමනය කරන්න ඇතැයි සිතිය හැකියි.
ලංකාවේදී අධ්‍යාපනය ලැබූ අනාලයෝ හිමියන් මුල් බුදුසමය සහ බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය සඳහා ප්‍රකට විද්‍යාර්ථියෙක්. මුල් බුදුසමය පිළිබඳව උනන්දු අයෙකුට මූලාශ්‍ර කිහිපයක් මගේ මිතුරෙකුගේ ලිපියකින් උපුටාගෙන පහත පල කරනවා.
මොනව ද අපට හමුවන ඒ පූර්ව-නිකායික (pre-sectarian) නොහොත් මුල් බුදු සමයේ මූලාශ්‍ර (Early Buddhist Texts)? ප්‍රධාන වශයෙන් (හා සැකෙවින්):[1]
- ථේරවාද (මහාවිහාරවාසී) දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර නිකාය, ධම්මපද, උදාන, ඉතිවුත්තක, ථෙර ථෙරි ගාථා, සුත්ත නිපාත, පාතිමොක්ඛ හා විනය (පාලි පිටකයෙන්)
- ධර්මගුප්තක දීර්ඝාගම (i. චීන පිටකයෙන්, ii. ඇෆ්ඝනිස්ථානු සංස්කෘත පිටපත)
- සර්වස්තිවාද මධ්යමාගම (i. චීන පිටකයෙන්, ii. ටිබෙටියානු පිටකයෙන් [අර්ධ])
- සර්වාස්තිවාද සංයුක්තාගම (i. චීන පිටකයෙන්, ii. ටිබෙටියානු පිටකයෙන් [අර්ධ], iii. සංස්කෘත පිටපත [අර්ධ])
- පාකිස්ථානයෙන් හා ඇෆ්ඝනිස්ථානයෙන් හමු වූ පැරණි සූත්‍ර ලේඛන
- ස්වාධීන සූත්‍ර පරිවර්තන (චීන හා ටිබෙටියානු පිටකවලින්)
අවශ්‍ය නම් මේ මූලාශ්රවල සමානතා වඩාත් උද්දීපනය කරගන්න අපට පුළුවන් පූජ්‍ය අනාලයෝ තෙරුන් වහන්සේ වැනි ශාස්ත්‍රඥයන් විසින් සම්පාදිත A Comparative Study of the Majjhima-nikāya, Dīrgha-āgama Studies, Madhyama-āgama Studies, Saṃyukta-āgama Studies, Ekottarika-āgama Studies, Vinaya Studies වැනි සන්සන්දනාත්මක අධ්‍යයන පරිශීලනය කරන්න.[2]
Re: මුල් බුදුසමය
Dear Dasun,
Many merits for your detailed answer.
Theruwan Sarani
Indika
Many merits for your detailed answer.
Theruwan Sarani
Indika